පොටේටෝ මැෂ් (Mashed Potato)

අවශ්‍ය ද්‍රව්‍ය
- අර්තාපල් අල(හොඳින් පිටි සහිත වර්ගයක්)
- දියර කිරි
- චීස්
- ගම්මිරිස්
- ලුණු
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය
අර්තාපල් තම්බා ඉතා හොඳින් පොඩිකර ගන්න.
දියර කිරි මදක් රත් කර ගන්න.
පෑන් එකක් ලිප මත තබා එයට පොඩිචර ගත් අර්තාපල් එක් කර මද ගින්නේ තිබියදී කිරි ස්වල්පය බැඟින් එක් කරමින්, අර්තාපල් පොඩිකරමින් කලවම් කරන්න. කිරි දිගින් දිගට එක් කරමින් මිශ්‍රණය ක්‍රීම් ආකාරයක් වන තුරු කලවම් කරන්න.
එයට චීස්ද එක් කර නැවත කලවම් කරන්න.
හැන්ද මිශ්‍රණයෙන් ඉහලට ගත් විට මිශ්‍රණයේ කුඩා කඳු මෙන් (soft peak) ඉහලට සිටින තුරු කලවම් කිරීම ප්‍රමාණවත්.
රස අනුව ලුණු හා ගම්මිරිස් එක් කරන්න.
කොත්තමල්ලි කොළ සිහින්ව කපා එක් කර ආහාරයට ගත හැකියි.
No comments:
Post a Comment