රුලං දෝසි - Sheera (ඉන්දියානු කැවිලි වර්ගයක්)
රුලං කෝ. 1
කිරි කෝ. 2 1/2
බටර්/ ගිතෙල් කෝ 1/2
සීනි කෝ. 1 1/2
එනසල් ඇට කිහිපයක්
වැනිලා තේ. හැදි 1
කැමති වියළි ඇට වර්ගයක් (කජු, රටකජු, ආමන්ඩ්) - කැබලි කර ගන්න
රේසින්
සාදාගන්නා ක්‍රමය
ඉඩ ඇති පෑන් එකකට බටර් ටික එක් කර, මද ගින්නේ දිය වීමට හරින්න.
බටර් දිය වීගෙන එන විට, එයට රුලං ටික එක් කර හොදින් කලවම් කරන්න.
රුලං ටික බටර් සමග හොදින් මිශ්‍ර වී, පිසුණු පසු ලිප නිවන්න.
වෙනත් පෑන් එකක් ලිප තබා කිරි ටික හොදින් උණු කරගන්න.
හොදින් උණු වූ කිරි ටික රුලං මිශ්‍රණයට එක් කර ගන්න. එයටම සීනි ද එක් කර කලවම් කරන්න. මිශ්‍රණය මද ගින්නේ පිස ගන්න.
එනසල් හා වැනිලා එක් කරන්න.
මේ වන විට මිශ්‍රණය ක්‍රමයෙන් ඝණ වීම ආරම්භ වේ.
වියළි ඇට වර්ගය හා රේසින් එක් කර ගන්න.
මිශ්‍රණය එක ගුලියක් බවට පත් වන තුරු නොනවත්වා හැදි ගාන්න.
මිශ්‍රණය සම්පූර්ණයෙන්ම එකට වූ පසු බටර් ගා ගත් තැටියකට එක් කර පැතලි කර ගෙන, කෑලි කැපීම සදහා ඉරි ඇද ගන්න.
ඝන වීම සදහා ශීතකරණයේ විනාඩි 20-30 ක් තබා, කැබලි වෙන් කර ගෙන ආහාරයට ගන්න.
© kalSwijesooriya @ Kal's Dishes

No comments:
Post a Comment