වට්ටක්කා සුප් (Pumpkin Soup)

අවශ්‍ය ද්‍රව්‍ය
- වට්ටක්කා
- සැලරි හෝ ලීක්ස් (දඬු කොටස)
- ලූණු
- සුදු ලූනු
- ගම්මිරිස්
- බටර්
- දියර කිරි
- කුරුඳු කුඩු
- රෝස්මරි හා ඔරිගානෝ ස්පයිසස්
- ලුණු
- තම්බා ගැනීමට වතුර
සාදා ගන්නා ආකාරය
එලවලු වර්ග සියල්ල කුඩාවට කපා ගන්න.
බටර් ස්වල්පයක් පෑන් එකට එක් කර, ලූණු, සුදු ලූණු හා සැලරි/ලීක්ස් එක් කර මදක් තෙම්පරාදු කරගන්න.
වට්ටක්කා ද එක් කර මදක් තෙම්පරාදු කරගන්න.
ජලය එක් කර, වට්ටක්කා හොඳින් තම්බාගන්න.
ලිපේ ගින්දර අඩු කර, කුරුඳු, රෝස්මරි හා ඔරිගානෝ ස්පයිසස් එක් කරන්න.
දියර කිරි එක් කර, කිරි රත් වීමට මද වේලාවක් ලිප මතම තබා ගන්න.
රස අනුව ලුණු, ගම්මිරිස් ද එක් කරගන්න.
වට්ටක්කා කැබලි හොඳින් පොඩිකර (බ්ලෙන්ඩර් එකක් යොදාගත හැකියි) උණුසුම්ව ආහාරයට ගන්න.
No comments:
Post a Comment