Monday, June 1, 2020

Banana Bread - බනානා බ්රෙඩ්/කේක් (In a frying pan)

Banana Bread - බනානා බ්රෙඩ්/කේක් (In a frying pan)



අවශ්‍ය ද්‍රව්‍ය
  • හොඳින් ඉදුණු ලොකු කෙසෙල් ගෙඩි 2
  • බිත්තර 2
  • සීනි කෝප්ප 1/ 100g
  • කිරි කෝප්ප 125ml
  • වැනිලා තේ හැඳි 1
  • කුරුඳු කුඩු ස්වල්පයක් 
  • තිරිඟු පිටි කෝප්ප 1 1/2 
  • එළවලු තෙල්/ දියකර ගත් බටර්/මාගරින් කෝප්ප 1/4
  • චොක්ලට් කැබලි ස්වල්පයක්
  • රේසින් සරසා ගැනීමට
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • බේකින් සෝඩා තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය

හොඳින් වැසෙන පියන සහිත, අඩිය නොඇලෙන, ෆ්රයින් පෑන් එකක ඇතුලත තෙල් හෝ මාගරින් තවරා සූදානම් කර ගන්න. 

කෙසෙල් ගෙඩි ගෑරුප්පුවක් ආධාරයෙන් හොඳින් පොඩිකර ගන්න.

බිත්තර වියලි බඳුනකට එක් කර හොඳින් ගසා ගන්න. 
එයටම සීනි හා තෙල් ද එක් කර සීනි දිය වන තුරු ගසා ගන්න. 
වැනිලා හා කිරි එක් කර ගන්න.
පොඩි කල කෙසෙල්ද එයට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.

පිටි වලට බේකින් පවුඩර් හා බේකින් සෝඩා එක් කර හලා ගන්න.
චොකලට් කැබලි ටික එක් කර පිටි වල කවලම් කරන්න.
පෙර සාදා ගත් දියර මිශ්‍රණයට, පිටි මිශ්‍රණය ක්රමයෙන් එක් කරමින් පෙරලමින් කලවම් කරගන්න. 
මිශ්‍රණය සකස් කර ගත් ෆ්රයින් පෑන් එකට දමා දෙවතාවක් මේසයට තට්ටු කර වායු බුබුළු ඉවත් කර ගන්න.
ලිපේ අඩුම ගින්දර සකස් කර ෆ්රයින් පෑන් එක ලිප මත තබා මූඩියෙන් හොඳින් වසන්න. සිදුරු ඇත්නම් ඒවා රෙදි හෝ පත්තර කැබල්ලක් ඇතුල් කර වසාගන්න. 
විනාඩි 50-55 ක් පමණ පුළුස්සා ගන්න. 
හොඳ සුවඳක් එන විට පියන ඇර හරි මැද toothpick එකක් ආධාරයෙන් පරීක්ෂා කර එහි ඇලෙන සුළු බව නැති නම් කේක් එක පිටතට ගෙන නිවා ගන්න. 

Oven එකේ - Pre-heat කර ගත් අවන් එකක 180°C  විනාඩි 20 ක් බේක් කරගන්න. 


© kalSwijesooriya @ KC & Baby K

No comments:

Post a Comment

රුලං දෝසි - Sheera

රුලං දෝසි - Sheera (ඉන්දියානු කැවිලි වර්ගයක්) අවශ්‍ය   ද්‍රව්‍ය රුලං   කෝ . 1 කිරි   කෝ . 2 1/2 බටර් /  ගිතෙල්   කෝ  1/2 සීනි   කෝ . 1 1/2...