අළු කෙසෙල් රසට ගුණට ආකාර 3කින්
අළු කෙසෙල් කිරට
අවශ්‍ය ද්‍රව්‍ය
අළු කෙසෙල් ගෙඩි 2-3ලොකු ළූණු
සුදු ළූණු
රම්පෙ
කරපිංචා
අමු මිරිස්
උළුහාල්
කුරුඳු
අමු තුනපහ
කහ
ලුණු
පොල්කිරි දියට කෝ. 1/2
උකුවට කෝ. 1/4
අළු කෙසෙල් ගෙඩියේ දෙපැත්ත කපා ඉවත් කර, පොත්ත සිහින්ව කපා ගන්න.
ඉන්පසු ගෙඩිය රවුම් අතට, තරමක් ඇදට, මද ඝනකමින් යුතු, පෙති කපා ගන්න.
කහට පිපීම වලක්වා ගැනීමට කහ ලුණු අතගා ගන්න.
ලොකු ළූණු, සුදු ළූණු හා අමු මිරිස් සිහින්ව ලියා ගන්න.
මදක් ගැඹුර සහිත බඳුනකට කපා ඛත් අළු කෙසෙල් කැබලි, ලූණු, අමුමිරිස්, සුදු ළූණු, රම්පෙ, කරපිංචා, කුරුඳු, උළුහාල් සියල්ලද අමු තුනපහද එක් කර වැසෙන මට්ටමට දිය කිරිද එක් කර ලිප තබන්න.
රස බලා අවශ්‍ය නම් ලුණු ස්වල්පයක් හා කහ ද එක් කරන්න.
හොද්ද නටා කැබලි තරමක් තැම්බුණු පසු උකු කිරි එක් කර නටවා හොද්ද තරමක් සිඳ ගන්න.
අළු කෙසෙල් chips
අළු කෙසෙල් ගෙඩියේ දෙපැත්ත කපා ඉවත් කර, පොත්ත සිහින්ව කපා ඉවත් කරගන්න.
ඉන්පසු ගෙඩිය ඇල අතට තරමක් සිහින්ව, පෙති කපා ගන්න.
කහ ලුණු අතගා ගන්න.
හොඳින් රත් වුනු ගැඹුරු තෙලේ, රන්වන් පැහැවන තුරු බැද ගන්න.
උණුසුම ඇති විටම මිරිස්කුඩු හා අවශ්‍ය නම් ලුණු කුඩු ඉස ගෙන, හොඳින් කලවම් කර ගන්න.
අළු කෙසෙල් මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය
අළු කෙසෙල් ගෙඩි 4-5
තෙල්
ලුණුකහ
කුඩා හාල්මැස්සන්
අමු මිරිස් කරල්
රතු ළූණු ගෙඩි
කපා ගත් ලොකු ළූණු
කපා ගත් ඉඟුරු, සුදු ළූණු
බැදපු තුනපහ
මිරිස් කුඩු
කුරුඳු, එනසාල්, කරාබුනැටි
රටඉඳි හෝ ප්ලම්ස් ස්වල්පයක්
සීනි ස්වල්පයක්
තක්කාලි සෝස් ස්වල්පයක්
විනාකිරි ස්වල්පයක්
අළු කෙසෙල් ගෙඩියේ දෙපැත්ත කපා ඉවත් කර, පොත්ත සිහින්ව කපා ගන්න.
ගෙඩිය 4ට පලා කොටු කපා ගන්න.
කහ හා ලුණු අතගා ගන්න.
හොඳින් රත් වුනු ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තුරු බැද ගන්න.
මෙලෙසම රතු ළූණු හා අමුමිරිස් ද හොඳින් රත් වුන තෙලේ, පැහැය වෙනස් නොවන තරමට යන්තම් බැදගන්න.
හාල්මැස්සන් ද රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
තෙල් ස්වල්පයක් ලිප තබා එයට, ළූණු, ඉඟුරු, සුදු ළූණු එක් කර තෙම්පරාදු කරගන්න. කුරුඳු, එනසාල්, කරාබුනැටි ද එක් කර සුවඳ එන තුරු තෙම්පරාදු කරගන්න.

එයටම බැදපු තුනපහ හා මිරිස් කුඩු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
ඉන්පසු බැදගත් ළූණුූ, අමුමිරිස් හා අළු කෙසෙල් කැබලි ද එක් කර කලවම් කරගන්න.
විනාකිරි, සීනි හා තක්කාලි සෝස් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
අවසානයේ ප්ලම්ස් එක් කර රස අනුව අවශ්‍ය නම් ලුණුද එක් කර තෙත හිඳුනු පසු ලිපෙන් බා ගන්න.
© kalSwijesooriya @ KC & Baby K

No comments:
Post a Comment