Saturday, June 6, 2020

Cinnamon Rings

Cinnamon Rings


අවශ්‍ය ද්‍රව්‍ය


පාන් පිටි කෝ. 1/2
ආටා පිටි කෝ. 1/2
බටර් මේස හැඳි 2
බිත්තර 1
කිරි කෝප්ප 1/4
යීස්ට් තේහැ. 1
සීනි මේස හැඳි 4
කුරුඳු කුඩු තේහැ. 1

මද රස්නය ඇති කිරි ස්වල්පයකට සීනි තේ හැඳි 1ක් ද යීස්ට් ද එක් කර දිය කර පැත්තකින් තබන්න.

වියලි බඳුනකට බිත්තරය එක් කර ගසා ගන්න. එයටම, පාන් පිටි ආටා පිටි, සීනි හා බටර් එක් කර මිශ්‍ර කරගන්න. කුරුඳු කුඩු වලින් මේස හැඳි 1ක්ද එක් කරන්න.
පිපුණු යීස්ට් මිශ්‍රණය ද එයටම එක් කර හොඳින් අනන්න. කිරි එක් කරමින් අනාගන්න. අවශ්‍ය නම් වතුර ස්වල්පයක් ද එක් කරගෙන 
නොඇලෙන පදමට අනා ගන්න.
ඩෝ එකක පදම ආ පසු එය බෝලයක් මෙන් සකසා රෙදි කැබැල්ලකින් වසා වියලි උණුසුම් ස්ථානයක පැය 1/2 ක් තබන්න.

පැය 1/2 කට පසු පිපුණු ඩෝ එක වාතය ඉවත් කර නැවත මෘදු ලෙස අනාගන්න. 

පිටි තවරාගත් මතුපිටක ඩෝ එක තුනි කර(1/2cm පමණ) රවුම් හැඩ කපා ගන්න. රවුම් හැඩයේ මැද ද රවුමක් කපා ඉවත් කර මුදු හැඩයට සකස් කර ගන්න.
තවත් විනාඩි 5-10 පිපෙන්නට තබා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තුරු දෙපැත්ත බැද ගන්න.

සිනමන් ෂුගර්

අවශ්‍ය ද්‍රව්‍ය
සීනි මේහැ. 2
කුරුඳු කුඩු තේහැ. 1-2

සීනි හා කුරුඳු කුඩු ග්රයිඩරයක් ආධාරයෙන් කුඩු කරගන්න.
පවුඩර් තත්වයට පැමිණි පසු එය සිනමන් ෂුගර් වේ. විවිධ කෑම රසවත් කිරීමට මෙය යොදා ගත හැකියි.

බැදගත් සිනමන් රින්ග්ස්, සිනමන් ෂුගර් වල හොඳින් දවටා ගන්න.

© kalSwijesooriya @ KC & Baby K

No comments:

Post a Comment

රුලං දෝසි - Sheera

රුලං දෝසි - Sheera (ඉන්දියානු කැවිලි වර්ගයක්) අවශ්‍ය   ද්‍රව්‍ය රුලං   කෝ . 1 කිරි   කෝ . 2 1/2 බටර් /  ගිතෙල්   කෝ  1/2 සීනි   කෝ . 1 1/2...