Energy Balls (especially for babies)
ශක්තිජනක අග්ගලා (බබාලාට විශේෂයි)
ශක්තිජනක අග්ගලා (බබාලාට විශේෂයි)
අවශ්‍ය ද්‍රව්‍ය
•බටර් මේස හැඳි 2-3
•අයිසින් සීනි හෝ කුඩුකරගත් සාමාන්‍ය සීනි (අවුරුද්දට අඩු බබාලාට රටඉඳි සිරප් එක්කල හැකියි) මේස හැඳි 1-2 රස අනුව
•කැමති පැණි වර්ගයක් (මීපැණි නම් අවුරුද්දට වැඩි දරුවන්ට පමණක්) මේස හැඳි 1-2 රස අනුව
•ප්‍රෝටීන් පවුඩර්/බබාට ලබා දෙන කිරි පිටි මේස හැඳි 2
•චොක්ලට් පවුඩර් මේස හැඳි 1
•ලොකුවට ගා ගත් පොල් මේස හැඳි 1-2 කබලේ බැද
පහත ද්‍රව්‍ය වලින් කැමති වර්ග කීපයක් - සෑම මේස හැඳි 1-2 kg බැගින් ලබා ගන්න.
•කබලේ බැද කැබලි සිටින ලෙස කුඩු කරගත් වියලි ඇට වර්ග - රටකජු, කජු, ආමන්ඩ්, පිස්ටා, වෝල් නට්, හේසල් නට් හෝ වෙනත්
•කැමති ධාන්‍ය වර්ගයක් කුඩුකර ගත් පිටි - මුං ඇට කබලේ බැද කුඩු කර, කඩල පිටි, කෝන් පිටි හෝ කෝන් ෆ්ලේක්ස් කැබලි කර හෝ වෙනත්
•කුඩාවට කපා ගත් වියලි පළතුරු වර්ග - රටඉඳි, පලම්ස්, රේසින් ක්රැන්බෙරි, ඇප්රිකොට් හෝ වෙනත්
•ක්ෂණික ඕට්ස්, රුලං, තල, හබල පෙති හෝ වෙනත්
(මා මෙහි එක් කර ඇත්තේ ආමන්ඩ්, පිස්ටා, මුං ඇට, කොන්ෆ්ලේක්ස්, රටඉඳි, පලම්ස්, ක්රැන්බෙරි, ඕට්ස්, තල, රුලං)
තරමක් ලොකු බෝල් එකක් ගෙන එයට සියලුම ඉහතින් තෝරාගත් ද්‍රව්‍ය එක්කර ගන්න.
එයටම සීනි පවුඩර්, චොක්ලට් පවුඩර්, ප්‍රෝටීන් පවුඩර්, මිල්ක් පවුඩර් හා පොල් ද එක් කර සියල්ල සමානව පැතිරෙන පරිදි අතින් කලවම් කරන්න.
අවසානයේ පැණි හා බටර් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
සාදාගන්නා මිශ්‍රණය අතින් බෝල සකස්කර ගත හැකි තරමට යන්තම් තෙත් ස්වභාවයකින් යුක්ත විය යුතුයි. එසේ නොමැති නම් බටර් එක් කර නැවත මිශ්‍ර කරන්න. අවශ්‍ය පැණි රස අනුව පැණි වුවත් එක් කර ගත හැකියි.
තෙත ස්වභාවය වැඩි වුව හොත් නැවත චොක්ලට් පවුඩර් ස්වල්පයක් එක් කර අවශ්‍ය තරමට සකස් කරන්න.
සෑදුණු මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණ ගෙන ඇඟිලි වලින් තද කරමින් බෝල සකස් කරගන්න.
(තෝරා ගත් ද්‍රව්‍ය එක් කර, වෙනස් වර්ග දෙකකින් සාදා ගත් energy balls මෙහි දැක්වේ)
සෑදුණු මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණ ගෙන ඇඟිලි වලින් තද කරමින් බෝල සකස් කරගන්න.
(තෝරා ගත් ද්‍රව්‍ය එක් කර, වෙනස් වර්ග දෙකකින් සාදා ගත් energy balls මෙහි දැක්වේ)
© kalSwijesooriya @ KC & Baby K


No comments:
Post a Comment