අවශ්‍ය ද්‍රව්‍ය
• ගාගත් පොල් 400g (කුරුටු එක් නොවන ලෙස)
• සුදු සීනි 600g
(පොල් 1 : සීනි 1 1/2)
• වැනිලා තේ හැඳි 1
• ගාගත් දෙහි ලෙල්ල හා දෙහි යුෂ ස්වල්පයක් (කැමති නම්)
• ආහාර වර්ණකයක් කැමති වර්ණයකින්
• කුඩු කරගත් එනසල් ස්වල්පයක්
• කෑලි කැපීම සඳහා බටර් ගාගත් තැටියක්
ගාගත් පොල් හා සීනි අඩිය නොඇලෙන බඳුනකට දමා ලිප මත මද ගින්නේ තබාගන්න.
මේ අවස්ථාවේ සිට මිශ්‍රණය ලිපෙන් බා ගන්නා අවස්ථාව දක්වාම නොනවත්වා හැඳිගෑම කලයුතු බැවින් මේ සඳහා පැතලි ලී හැන්දක් භාවිතා කිරීම පහසුයි.
මුලින් සීනි දියවී, පොල් හා එක් වී ජලය පෑදීම සිදු වේ. මද ගින්නේ විනාඩි 10ක් පමණ හැඳිගාන විට ජලය සිඳී, මිශ්‍රණය එකට ඇලීම ඇරඹේ.
මේ අවස්ථාවේදී වැනිලා, එනසාල් හා වර්ණක එක් කරන්න.
වර්ණය ඒකකාරීව පැතිර යන ලෙස දිගටම හැඳි ගාන්න.
ගාගත් දෙහි පොතු හා යුෂ ස්වල්පයද එක් කරගන්න.
දිගටම හැඳි ගාන්න. හැන්ඳ බඳුනේ පතුල ස්පර්ශ වන ලෙස හැඳිගෑම කලයුතුයි.
පදම
මිශ්‍රණය හැන්ඳෙන් අනික් පස හරවමින් තුනී කරන විට සුදු පැහැයෙන්, කෑලී වෙන් වෙමින්, වියලි ඇති බව පෙනේ නම් පදම නිවැරදි වේ. මේ අවස්ථාවේදී මුලු මිශ්‍රණයම එක් ගුලියක් බවට පත් වීමද සිදුවේ.
මෙසේ නිසි පදම පැමිණි පසු මිශ්‍රණය ලිපෙන් බාගෙන, බටර් ගා පෙර සූදානම් කර ගත් තැටියට දමා, අවශ්‍ය පරිදි හොඳින් තුනී කරගන්න. මේ සඳහා කෙසෙල් කොළයක්, පැතිලි පිහියක්/flat knife, පැතලි හැන්දක් යොදාගත හැකියි.
රස්නය තිබියදීම කෑලි කැපීම සඳහා සලකුණු කර ගැනීම අවශ්‍ය වේ.
මදක් නිවුණු පසු කෑලී වෙන්කර කනපිට හරවා ද නිවා ගන්න.
© kalSwijesooriya @ KC & Baby K

No comments:
Post a Comment