අවශ්‍ය ද්‍රව්‍ය
• බිත්තර ලොකු 4
• කිරි 250ml
• දුඹුරු සීනි කෝප්ප 1
• එනසහල් 5
• වැනිලා තේ හැදි 1
කැරමල් සඳහා
දුඹුරු සීනි මේස හැඳි 4 - පුරවා
සාදන ආකාරය
කැරමල්
තෝරාගත් බදුනකට සීනි මේස හැඳි 4 අඩිය වැසෙන පරිදි එක් කර, මදගින්නේ රත් වීමට ඉඩහරින්න. (අවශ්‍ය නම් වතුර මිස හැන්දක් එක් කරන්න.) සීනි දිය කරගැනීම සඳහා කිසිවිටකත් හැන්ද භාවිතා නොකල යුතුයි. අවශ්‍ය නම් බඳුන කරකවමින් සීනි දිය කරගන්න. එසේ දිය වූ සීනි තද රතු-දුඹුරු පැහැ වන තුරු කර වීමට ඉඩ හරින්න. බඳුන කරකවමින් සීනි ඒකාකාරව කැරමල් කරගන්න. බඳුන ලිපෙන් ඉවත් කර කරකවමින් වටේටම කැරමල් තවරා ගන්න. පුඩින් සෑදීමට වෙනත් බදුනක් යොදාගන්නේ නම් ඊට පෙර එම බදුනට කැරමල් එක් කර මෙම පියවල කිරීමට වගබලා ගන්න.
පුඩින් එක
මුලින්ම කිරි 250ml ට සීනි කෝප්ප 1 එක් කර මද ගින්දරේ සීනි දියවන තුරු රත් කරන්න. කිරි නැටවීම අවශ්‍ය නොවේ.
බිත්තර 4 බ්ලෙන්ඩර් කප් එකට එක්කර ගන්න. (සුදුමද කහ මද සියල්ල)
එයටම නිවාගත් සීනි කිරි මිශ්‍රණයද එක් කර, වැනිලා සහ කුඩු කරගත් එනසහල් ද එක් කරගන්න.
බ්ලෙන්ඩරයේ පළමු වේගයෙන් විනාඩියක් පමණ මිශ්‍රණය ගසා ගන්න.
පසුව කැරමල් තවරාගත් බඳුනට මිශ්‍රණය පෙරා එක් කරගන්න.
ස්ටීම් කිරීම.
මිශ්‍රණය එක් කරගත් බඳුන පියනකින් හෝ ෆොයිල් එකකින් හොඳින් ආවරණය කරගන්න.
පසුව විනාඩි 30ක් ස්ටීම් කර ගන්න. (Instant pot/ electric pressure cooker/ rice cooker එකක් භාවිතා කල හැක.)
විනාඩි 30කට පසු ටූත් පික් එකක් ආධාරයෙන් පුඩින් එක තැම්බී ඇද්දයි බලා ලිපෙන් බාගන්න.
මදක් නිවුනු පසු බදුන මතට පිඟානක් වසා අනෙක්පස හරවාගන්න.
© kalSwijesooriya @ KC & Baby K



No comments:
Post a Comment