Thursday, April 23, 2020

Bread Pudding - පාන් පුඩිම



1 වන ලේයර් එක

අවශ්‍ය ද්‍රව්‍ය 

දවසක් පරණ පාන් පෙති 6-7
කිරි කෝප්ප 1 (250ml)
බිත්තර ලොකු 2
සීනි කෝප්ප 1/2 (50g)
බටර් 50g
වැනිලා තේ හැඳි 1
සාදික්කා කුඩු ස්වල්පයක්
කුරුඳු කුඩු ස්වල්පයක්

පාන් පෙති 4ට කපා පැත්තකින් තබා ගන්න.

කිරි හා සීනි පෑන් එකකට දමා, ලිප මත තබා, මද ගින්නේ රත් කරගන්න. සීනි දියවූ පසු එයට බටර්ද එක් කර දිය කර ගන්න. කිරි උතුරා ඒමට පෙර මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගෙන, හොඳින් නිවා ගන්න.
ලොකු බඳුනකට බිත්තර එක් කර ගසා ගන්න. එයටම නිවාගත් කිරි මිශ්‍රණයද එක් කර හොඳින් ගසා ගන්න. වැනිලා, සාදික්කා කුඩු, කුරුඳු කුඩු එක් කර නැවත ගසා ගන්න.
කිරි මිශ්‍රණය ට කපාගත් පාන් පෙති එක් කර පෙඟෙන්නට හරින්න. (විනාඩි 15ක් පමණ)

2 වන ලේයර් එක

අවශ්‍ය ද්‍රව්‍ය 

රම් එසන්ස් ස්වල්පයක්
ප්ලම්ස් 50g
සීනි තේ හැඳි 1
මද උණුසුම් වතුර ස්වල්පයක්

සීනි ටික වතුරේ දියකර ගෙන එයට රම් එසන්ස් ස්වල්පයක් එක් කරගන්න. එයට ප්ලම්ස් එක් කර පියනකින් වසා පැත්තකින් තබන්න.

3 වන ලේයර් එක

අවශ්‍ය ද්‍රව්‍ය 

දොඩම් හෝ මැන්ඩරීන් පොතු
සීනි තේ හැඳි 1
වතුර තේ හැඳි 1
දෙහි යුෂ ස්වල්පයක්.

මේ සියල්ල පෑන් එකක දමා මද ගින්නේ පිස ගන්න. දොඩම් පොතු මෘදු වී වතුර සිඳුන පසු පොතු ටික වෙනම ඉවත් කරගෙන සැරසීමට භාවිතා කරන්න.

මෙසේ සකස් කරගත් පෙඟවූ පාන්, පෙඟවූ ප්ලම්ස්, දොඩම් පොතු මාරුවෙන් මාරුවට පිලිවෙලින් බඳුන තුල ලේයර් ලෙස අතුරා ගන්න. පෙඟවූ පාන් වල ඉතිරි වූ කිරි ද එයටම එක් කරන්න.

ස්ටීම් කිරීම
බඳුන පියනකින් හෝ foil එකකින් වසා විනාඩි 30ක් ස්ටීමී කරගන්න.
මදක් නිවුනු පසු පිඟානක් මත අනෙක් පස හරවා ගන්න.


© kalSwijesooriya @ KC & Baby K

No comments:

Post a Comment

රුලං දෝසි - Sheera

රුලං දෝසි - Sheera (ඉන්දියානු කැවිලි වර්ගයක්) අවශ්‍ය   ද්‍රව්‍ය රුලං   කෝ . 1 කිරි   කෝ . 2 1/2 බටර් /  ගිතෙල්   කෝ  1/2 සීනි   කෝ . 1 1/2...