Friday, April 24, 2020

Banana-Oats Pancake




අවශ්‍ය ද්‍රව්‍ය
•ඉදුණු කෙසෙල් (වැඩිපුර ඉදුණු කෙසෙල් වඩාත් සුදුසුයි) ගෙඩි ලොකු 2/පොඩි 4
•බිත්තර 1
•දුඹුරු සීනි මේස හැඳි 4
•තෙල් වර්ගයක්/ දියකරගත් බටර් මේස හැඳි 1
•තිරිඟු පිටි මේස හැඳි 3
•ඕට්ස් මේස හැඳි 2
•වැනිලා තේ හැඳි 1
•බේකින් පවුඩර් තේ හැඳි 1
•දියර කිරි මේස හැඳි 3-4

සාදන ආකාරය
ඉදුණු කෙසෙල් හොඳින් පොඩිකර ගන්න.

සීනි, දියකර ගත් බටර් හෝ තෙල්, එකට ගසා ගන්න. බිත්තරය එක් කර ගසා ගන්න. එයට පොඩිකර ගත් කෙසෙල් එක් කර, සීනි දියවන තුරු මිශ්‍රණය ගසාගන්න.
තිරිඟු පිටි එකට බේකින් පවුඩර් එක් කර හලා ගන්න. එයටම ඕටිස් එක් කර කලවම් කර ගන්න.
සකස් කරගත් තෙත් මිශ්‍රණය හා වියලි මිශ්‍රණය එකට එකතු කරන්න.
දියර කිරි එක් කරමින් දියරමය නමුත් ඝනකම් (වැක්කෙරන සුලු) මිශ්‍රණයක් සකස් කරගන්න. අවසානයේ මිශ්‍රණයට වැනිලා එක් කරගන්න.

පෑන් එකක් ලිප තබා තෙල් හෝ බටර් ස්වල්පයක් එක් කරගන්න. රත් වූ පසු මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක් පෑන් එක මැදට එක් කරන්න. හැන්ද භාවිතයෙන් තුනී කිරීම අවශ්‍ය නොවේ. මද ගින්නේ පෑන් කේක් එක පුලුස්සා ගන්න. එවිට පෑන් කේක් එක මතුපිට බුබුලු සෑදී පිපිරී යයි. එසේ බුබුලු සෑදීම නැවතුනු පසු පෑන් කේක් එක අනෙක් පස හරවා පුලුස්සා ගන්න.

පැණි වර්ගයක්, බටර්, චොක්ලට් තැවරුමක්, අයිසින් සීනි ආදි කැමති දෙයක් සමඟ ආහාරයට ගන්න.

© kalSwijesooriya @ KC & Baby K

No comments:

Post a Comment

රුලං දෝසි - Sheera

රුලං දෝසි - Sheera (ඉන්දියානු කැවිලි වර්ගයක්) අවශ්‍ය   ද්‍රව්‍ය රුලං   කෝ . 1 කිරි   කෝ . 2 1/2 බටර් /  ගිතෙල්   කෝ  1/2 සීනි   කෝ . 1 1/2...