Saturday, March 20, 2021

රුලං දෝසි - Sheera

රුලං දෝසි - Sheera (ඉන්දියානු කැවිලි වර්ගයක්)


අවශ්‍ය ද්‍රව්‍ය

රුලං කෝ. 1

කිරි කෝ. 2 1/2

බටර්ගිතෙල් කෝ 1/2

සීනි කෝ. 1 1/2

එනසල් ඇට කිහිපයක්

වැනිලා තේහැදි 1

කැමති වියළි ඇට වර්ගයක් (කජුරටකජුආමන්ඩ්) - කැබලි කර ගන්න

රේසින්


සාදාගන්නා ක්‍රමය

ඉඩ ඇති පෑන් එකකට බටර් ටික එක් කරමද ගින්නේ දිය වීමට හරින්න.

බටර් දිය වීගෙන එන විටඑයට රුලං ටික එක් කර හොදින් කලවම් කරන්න.

රුලං ටික බටර් සමග හොදින් මිශ්‍ර වීපිසුණු පසු ලිප නිවන්න.

වෙනත් පෑන් එකක් ලිප තබා කිරි ටික හොදින් උණු කරගන්න

හොදින් උණු වූ කිරි ටික රුලං මිශ්‍රණයට එක් කර ගන්නඑයටම සීනි  එක් කර කලවම් කරන්නමිශ්‍රණය මද ගින්නේ පිස ගන්න.

එනසල් හා වැනිලා එක් කරන්න.

මේ වන විට මිශ්‍රණය ක්‍රමයෙන් ඝණ වීම ආරම්භ වේ

වියළි ඇට වර්ගය හා රේසින් එක් කර ගන්න.

මිශ්‍රණය එක ගුලියක් බවට පත් වන තුරු නොනවත්වා හැදි ගාන්න.


මිශ්‍රණය සම්පූර්ණයෙන්ම එකට වූ පසු බටර් ගා ගත් තැටියකට එක් කර පැතලි කර ගෙනකෑලි කැපීම සදහා ඉරි ඇද ගන්න.


ඝන වීම සදහා ශීතකරණයේ විනාඩි 20-30 ක් තබාකැබලි වෙන් කර ගෙන ආහාරයට ගන්න.


© kalSwijesooriya @ Kal's Dishes


 



Wednesday, November 18, 2020

වටලප්පන්

 




අවශ්‍ය ද්‍රව්‍ය 

•උකු පොල් කිරි 250ml
(පොල් ගෙඩියක ගාගත් පොල් වලට වතුර අඩු කෝ. 1 ක් එක් කර මිටි කිරි සාදා ගන්න. සාදා ගත් පොල් කිරි ශීතකරණයේ මද වේලාවක් තබා වතුර ටික පහලට බසින්නට හැර මතුපිට ඇති උකු කිරි ටික පෙරා ඉවත් කර ගැනීමෙන් වඩාත් උකු කිරි ලබා ගත හැකියි)

•ලොකු බිත්තර 5
•කිතුල් හකුරු 250g -300g
•සාදික්කා, එනසල්, කුරුඳු, කරාඹුනැටි කුඩු තේ.හැ. 
•වැනිලා ස්වල්පයක්


හකුරු ටික කුඩා කැබලි වලට කපා හෝ ග්‍රේට් කර ගන්න. හකුරු වල වර්ණය තද පැහැයක් නොගනී නම්, සීනි ටිකක් කැරමල් කර එකතු කිරීමෙන් තද පැහැය සකස් කරගත හැකියි.

පොල්කිරි වලට ගාගත් හකුරු එක් කර හොඳින් දිය කර ගන්න. කැරමල් කර ගත් සීනි ටිකද එයටම එක් කර ගන්න.

බිත්තර වෙනම බඳුනකට එක් කර විස්ක් එකක් ආධාරයෙන් හොඳින් ගසා ගන්න. එයද පොල්කිරි මිශ්‍රණය ට එකතු කර හොඳින් කලවම් වන ලෙස ගසා ගන්න. මිශ්‍රණය පෙරා ගන්න. එයටම සුවඳ කුඩු එක් කර ගන්න.

සකස් කර ගත් මිශ්‍රණය ස්ටීම් කල හැකි භාජනයකට එක් කර පියන රෙදි කැබැල්ලකින් ඔතා තදින් වසා ගන්න.

වටලප්පන් මිශ්‍රණය එක් කල භාජනය ඇතුලින් තැබිය හැකි භාජනයක් ගෙන එයට ජලය එක් කරන්න. වටලප්පන් මිශ්‍රණය එක් කල භාජනයෙන් අඩක් පමණ ජලයෙන් වැසෙන පරිදි තිබිය යුතුය. එහි පියන හුමාලය පිටතට නොඑන ලෙස වසා විනාඩි 30ක් හුමාලයේ තම්බා ගන්න.

රයිස් කුකර් එකේ හෝ Instant pot එකේ ද ඉහත ලෙසම හුමාලයෙන් තම්බා ගත හැකියි.

 




© kalSwijesooriya @ Kal's Dishes

Saturday, October 31, 2020

Fudgy Brownies - බ්රව්නි (අවන් රහිත වට්ටෝරුවද ඇතුලත්)

 Fudgy Brownies - බ්රව්නි




අවශ්‍ය ද්‍රව්‍ය 
  • බිත්තර 2
  • බටර් මේස හැඳි 3
  • එළවලු තෙල් මේස හැඳි 5
  • පාන් පිටි කෝ. 3/4
  • සීනි කෝ. 1
  • චොක්ලට් පවුඩර් කෝ 1/4
  • කුකින් චොක්ලට් හෝ චොක්ලට් චිප්ස් කෝ 1
  • ලුණු ස්වල්පයක්
  • වැනිලා ස්වල්පයක්





සකස් කරන ආකාරය

පෑන් එකක් ලිප තබා තෙල් හා බටර් එක් කර, මද ගින්නේ රත් කරන්න. බටර් හොඳින් දිය වූ පසු කුඩාවට කපා ගත් කුකින් චොක්ලට් කෝ. 1/2 ක් පමණක් එයට එක් කර ගන්න. චොක්ලට් හොඳින් දිය වූ පසු ලිපෙන් බාගෙන හොඳින් නිවා ගන්න.

මික්සින් බොල් එකකට බිත්තර, සීනි හා වැනිලා එක් කර සීනි දිය වන තුරු ගසා ගන්න. සීනි දිය වූ පසු දිය කර ගත් චොක්ලට් මිශ්‍රණය හා වැනිලා එක් කර හොඳින් ගසා කර ගන්න. එයටම පිටි, චොක්ලට් පවුඩර් හා ලුණු එක් කර පෙරලමින් හොඳින් මිශ්‍ර කරන්න. අවසානයේ ඉතිරි කර ගත් චොක්ලට් චිප්ස් ටික එක් කර මිශ්‍ර කර ගන්න. 

අඟල් 9"9 තැටියක් ගෙන එයට තෙල් කඩදාසි අතුරා ගන්න. එයට සාදා ගත් බැටර් එක එක් කර තද මතුනම පිටක් මත තට්ටු කරමින් (tapping) වායු බබුලු ඉවත් කර ගන්න. 

අවන් එකේ - විනාඩි 10ක් පෙර ත් කල අවන් එකක 200°C ට විනාඩි 30ක් පුලුස්සා ගන්න.

ලිපේ - අඩිය ඝනකම් පෑන් එකකට තෙල් කඩදාසි අතුරා, එයට මිශ්‍රණය එක් කර එහි පියනෙන් හොඳින් වසා, අඩුම ගින්දරට සකස් කර ගත් ලිපේ විනාඩි 30-35 පුලුස්සා ගන්න.




© kalSwijesooriya @ KC & Baby K

Wednesday, September 23, 2020

පොටේටෝ මැෂ් (Mashed Potato)

 

පොටේටෝ මැෂ් (Mashed Potato)



අවශ්‍ය ද්‍රව්‍ය

  • අර්තාපල් අල(හොඳින් පිටි සහිත වර්ගයක්)
  • දියර කිරි
  • චීස් 
  • ගම්මිරිස්
  • ලුණු
  • කොත්තමල්ලි කොළ ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය


අර්තාපල් තම්බා ඉතා හොඳින් පොඩිකර ගන්න.
දියර කිරි මදක් රත් කර ගන්න.
පෑන් එකක් ලිප මත තබා එයට පොඩිචර ගත් අර්තාපල් එක් කර මද ගින්නේ තිබියදී කිරි ස්වල්පය බැඟින් එක් කරමින්, අර්තාපල් පොඩිකරමින් කලවම් කරන්න. කිරි දිගින් දිගට එක් කරමින් මිශ්‍රණය ක්‍රීම් ආකාරයක් වන තුරු කලවම් කරන්න.
එයට චීස්ද එක් කර නැවත කලවම් කරන්න.
හැන්ද මිශ්‍රණයෙන් ඉහලට ගත් විට මිශ්‍රණයේ කුඩා කඳු මෙන් (soft peak) ඉහලට සිටින තුරු කලවම් කිරීම ප්‍රමාණවත්.
රස අනුව ලුණු හා ගම්මිරිස් එක් කරන්න.
කොත්තමල්ලි කොළ සිහින්ව කපා එක් කර ආහාරයට ගත හැකියි.

වට්ටක්කා සුප් (Pumpkin Soup)

 

වට්ටක්කා සුප් (Pumpkin Soup)

අවශ්‍ය ද්‍රව්‍ය

  • වට්ටක්කා
  • සැලරි හෝ ලීක්ස් (දඬු කොටස)
  • ලූණු
  • සුදු ලූනු
  • ගම්මිරිස්
  • බටර්
  • දියර කිරි
  • කුරුඳු කුඩු
  • රෝස්මරි හා ඔරිගානෝ ස්පයිසස් 
  • ලුණු 
  • තම්බා ගැනීමට වතුර

සාදා ගන්නා ආකාරය

එලවලු වර්ග සියල්ල කුඩාවට කපා ගන්න.
බටර් ස්වල්පයක් පෑන් එකට එක් කර, ලූණු, සුදු ලූණු හා සැලරි/ලීක්ස් එක් කර මදක් තෙම්පරාදු කරගන්න.
වට්ටක්කා ද එක් කර මදක් තෙම්පරාදු කරගන්න.
ජලය එක් කර, වට්ටක්කා හොඳින් තම්බාගන්න.
ලිපේ ගින්දර අඩු කර, කුරුඳු, රෝස්මරි හා ඔරිගානෝ ස්පයිසස් එක් කරන්න.
දියර කිරි එක් කර, කිරි රත් වීමට මද වේලාවක් ලිප මතම තබා ගන්න.
රස අනුව ලුණු, ගම්මිරිස් ද එක් කරගන්න.

වට්ටක්කා කැබලි හොඳින් පොඩිකර (බ්ලෙන්ඩර් එකක් යොදාගත හැකියි) උණුසුම්ව ආහාරයට ගන්න.

පොඩ්ඩන්ට රස ගුණ කෑම - Food Recipes for Kids

 බබාට දෙන්න පහසුවෙන් හා ඉක්මනින් සෞඛ්‍යාරක්ෂිතව නිවසේදීම සකස්කර ගත හැකි ආහාර වට්ටෝරු කීපයක් ඔබ වෙනුවෙන්ම මෙතැනින්.


Tuesday, September 8, 2020

Lasagna - ලසාඥ්ඥා (ලිපේ හා අවන් එකේ-On the stove & oven)

 Lasagna - ලසාඥ්ඥා 



අවශ්‍ය ද්‍රව්‍ය

ලසාඥ්ඥා නූඩල්ස්
කැමති චීස් වර්ගයක් හෝ කීපයක් (Cheddar, Mozzarella, Ricotta, Parmesan)
Meat Sauce
White Sause
බිත්තර කහ මද

Red sauce
හොඳින් ඉදුණු තක්කාලි
ලුණු
ගම්මිරිස්
චිලි සෝස්
ටොමටෝ සෝස්
මිරිස් කුඩු

තක්කාලි තම්බා පොතු ඉවත් කර හොඳින් පොඩිකර ගන්න. අනෙකුත් සියලුම ද්‍රව්‍ය එයට එක් කර සෝස් එක සකස් කර ගන්න. සෝස් එක ලිප තබා උතුරවා අවශ්‍ය තරම් ඝන කරගන්න.

චිකන් ස්ටොක්
ඉඟුරු සුදුළූණු ලුණු ගම්මිරිස් සමඟ චිකන් හොඳින් තම්බාගන්න. වතුර ටික පෙරා භාවිතා කරන්න. 

Meat sauce
තම්බා කුඩාවට කපා ගත්/අඹරා ගත් චිකන් 
කුඩාවට කපා ගත් සොසේජස්
කැරට්
මාලුමිරිස්/ බෙල් පෙපර්
ළූණු
සුදු ළූණු
ගම්මිරිස්
ලුණු
තෙල්
ඔරිගානෝ
කෑලි මිරිස්
Red sause
චිකන් ස්ටොක්/ දියකරගත් සුප්කැටයක්

පෑන් එකට තෙල් එක් කර ළූණු ටික එක් කරන්න. එය තෙලෙන් තැම්බෙන විට සුදු ළූණු එක් කරන්න. කෑලි මිරිස්ද එක් කරගන්න. එයට කුඩාවට කපා ගත් කැරට් හා මිරිස් වර්ග එක් කරන්න. එළවලු මදක් තැමිබුණු පසු, චිකන් හා සොසේජස් ද එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. සකස් කර ගත් Red Sauce හා ඔරිගානෝ එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.  මිශ්‍රණය මද ගින්නේ තෙත ගතිය සහිත වන තරමට පිස ගන්න. Meat Sauce එකේ රස අනුව ලුණු ගම්මිරිස් එක් කරගන්න. 

White sause
බටර්
පාන් පිටි
කිරි
ලුණු
ගම්මිරිස් 

පෑන් එකකට බටර් එක් කර දිය වූ පසු පාන් පිටි එක් කර කලවම් කරන්න. ගින්දර නිවා කිරි ටික ටික එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. ඝන මිශ්‍රණයක් සකස් වූ පසු නැවත ලිප දල්වා සෝස් එක උතුරවා ගන්න. White sauce එකේ රස අනුව ලුණු ගම්මිරිස් එක් කරගන්න. 
 
බේකින් ට්රේ එකක් හෝ තරමක් උස්, අඩිය ඝනකම් පෑන් එකක් ගන්න. (තුනී පෑන් එකක් නම් රොටී කබලක් මත තබා භාවිතා කල හැකියි)

එහි අඩිය වැසෙන සේ තුනී මීට් සෝස් ලේයර් එකක් එක් කරන්න. ඉන්පසු මීට් සෝස් ලේයර් එක සම්පූර්ණයෙන් වැසෙන සේ ලසාඥ්ඥා නූඩල්ස් අතුරා ගන්න. ඒ මතට සකස් කරගත් වයිට් සෝස් එක තුනී ලේයර් එකක් ලෙස එක් කරන්න. ඒ උඩින් චීස් ලේයර් එකක් එක් කරන්න. නැවත මීට් සෝස් ලේයර් එක, ලසාඥ්ඥා නූඩල්ස් ලේයර් එක, වයිට් සෝස් ලේයර් එක හා චීස් ලෙස ලේයර් සකස් කර ගන්න. අවසාන වයිට් සෝස් ලේයර් එක මත චීස් වැඩිපුර අතුරා ගසා ගත් බිත්තර කහමද එක් කරගන්න.

ට්රේ එක ඇලුමිනියම් ෆොයිල් එකක් ආධාරයෙන් වසා ගන්න. 
200°C ට පෙර රත් කරනලද (pre-heat) අවන් එකක විනාඩි 40-45 ක් බේක් කරගන්න.  

හුමාලය පිටතට නොඑන පරිදි පෑන් එක හොඳින් පියනකින් වසා ගන්න. ලිපේ ගින්දර අවම ප්‍රමාණයට සකස්කර පෑන් එක ලිප මත තබා (හෝ රොටී කබල මත) විනාඩි 30-45 ක් පිස ගන්න.

මතුපිට රන්වන් දුඹුරු පැහැයටත්, වටේ බුබුළු එන තරමටත්, මැද නූඩ්ල්ස් මෘදු වන තරමටත් බේක්කරගත/පිසගත යුතුයි. ටූත් පික් එකක් ආධාරයෙන් පරීක්ෂා කර බලන්න. 

රුලං දෝසි - Sheera

රුලං දෝසි - Sheera (ඉන්දියානු කැවිලි වර්ගයක්) අවශ්‍ය   ද්‍රව්‍ය රුලං   කෝ . 1 කිරි   කෝ . 2 1/2 බටර් /  ගිතෙල්   කෝ  1/2 සීනි   කෝ . 1 1/2...