අවශ්‍ය ද්‍රව්‍ය
කෑලි කපා ගත හැකි ට්‍රේ එකක් බටර් හෝ තෙල් ගා සූදානම් කර ගන්න.
රුලං ටික සුවඳ එන තුරු කබලේ බැද ගන්න.
පොල් ටිකට ලුණු එක්කර, තෙත හිඳෙන තුරු කබලේ බැද ගන්න.
සීනි ටිකෙන් බාගයක් පෑන් එකට දමා පෑන් එක කරකවමින් දිය කරගෙන කැරමල් කර ගන්න.
- රුලං කෝ. 1
- සීනි කෝ. 1
- එනසාල් ඇට 2
- වැනිලා ස්වල්පයක්
- ගා ගත් පොල් කෝ. 1/2
- උණු වතුර මේස හැඳි 2-3
- ලුණු පිංචක්
කෑලි කපා ගත හැකි ට්‍රේ එකක් බටර් හෝ තෙල් ගා සූදානම් කර ගන්න.
රුලං ටික සුවඳ එන තුරු කබලේ බැද ගන්න.
පොල් ටිකට ලුණු එක්කර, තෙත හිඳෙන තුරු කබලේ බැද ගන්න.
සීනි ටිකෙන් බාගයක් පෑන් එකට දමා පෑන් එක කරකවමින් දිය කරගෙන කැරමල් කර ගන්න.
ඉන්පසු ඉතිරි සීනි ටිකද එක් කර හොඳින් දිය කර ගන්න. උණු වතුර ස්වල්පයද එක් කර කලවම් කර ගන්න. එනසාල් හා වැනිලා එක් කරන්න. කලවම් කරමින් බැදගත් පොල් ටික එක් කරන්න. අවසානයේ රුලං එක් කර ඉක්මනින් කලවම් කරගන්න.
සූදානම් කර ගත් ට්‍රේ එකට රුලං මිශ්‍රණය එක් කර ඉක්මනින් හැන්දෙන් තද කරමින් තුනී කරගන්න. උණුවෙන්ම කෑලි කපා ගැනීමට ඉරි ඇඳ ගන්න. නිවුණු පසු කෑලි වෙන් කරගන්න.
© kalSwijesooriya @ KC & Baby K
© kalSwijesooriya @ KC & Baby K

No comments:
Post a Comment