Saturday, April 25, 2020

Fried rice with Vegetable Chop-suey, Devilled Chicken and Chilli Paste



● Fried Rice


අවශ්‍ය ද්‍රව්‍ය
•පිසගත් බත් (කීරි සම්බා/ බාස්මතී)
•කුඩාවට කපා ගත් කැරට්, ලීක්ස්, ගෝවා
•චොප් කරගත් ඉඟුරු,සුදුළූණු
•චිකන් ස්ටොක් හෝ දියකර ගත් චිකන් කියුබ් 1
•ලුණු •ගම්මිරිස්
•බිත්තර
•තෙල් මේස හැඳි 2/3
අඩිය නොඇලෙන පෑන් එකක් ලිප තබා, එයට තෙල් එක් කරගන්න.
තෙල් රත් වූ පසු ඉඟුරු, සුදුළූණු එක් කර රන්වන් පැහැ වන තුරු තබා එයට කැරට් එක් කරන්න. කැරට් යන්තම් තැම්බෙන විට, ගෝවා, ලීක්ස් එක් කර තෙල් වල තෙම්පරාදු වන්නට තබන්න.
එළවලු තැම්බෙන විට පෑන් එකේ මැද ට බිත්තර එක් කරන්න. හැන්දෙන් බිත්තරය කුඩා කෑලි වන ලෙස කඩමින් බිත්තර පිසගන්න. එළවලු සමඟ කලවම් කරගන්න.
එළවලු තෙම්පරාදු වූ පසු එයට චිකන් ස්ටොක් එකතු කරගන්න.
එය සිදීගිය පසු බත් ටික එකතු කරන්න.
රස අනුව ලුණු ගම්මිරිස් එක් කරගන්න.
ලිපේ ගින්දර වැඩි කර සියල්ලම එකට කලවම් කරමින් බත් එක ෆ්රයි කරගන්න. පුපුරන ශබ්දයෙන් බත් ඇට පිළිස්සෙන විට තෙත සම්පූර්ණයෙන් සිදෙන පරිදි හොඳින් කලවම් කරගන්න.

● වෙජිටබල් චොප්සි


අවශ්‍ය ද්‍රව්‍ය

•කැරට්
•අල
•බෝංචි
•ගෝවා
•ලොකු ළූණු
(අවශ්‍ය  නම් බේබි කෝන්, බට්න් මෂ්රූම්, බෙල් පේපර්)
•චොප් කරගත් ඉඟුරු,සුදුළූණු
•ලුණු
•ගම්මිරිස්
•දියකරගත් කොන් ෆ්ලා තේ හැන්දක්
•තෙල් මේස හැඳි 2/3
•සීනි ස්වල්පයක්

කැරට්, රවුම් හැඩයට තුනීවට කපාගන්න. බෝංචි දිගට ඇල අතට කපා ගන්න. ළූණු, ගෝවා ලොකු කැබලි ලෙස දිග අතට කපා ගන්න.
අඩිය නොඇලෙන පෑන් එකක් ලිප තබා තෙල් ටික රත් වෙන්නට හරින්න.
රත් වූ තෙල් වලට ඉඟුරු,සුදුළූණු එක් කර රන්වන් පැහැ වන්නට තබා ළූණු එකතු කර ගන්න. ඉන්පසු කැරට් එක් කරන්න. අල එක් කරන්න. කැරට් හා අල තැම්බෙන විට බෝංචි එක් කරන්න. සියල්ල තෙම්පරාදු වන විට ගෝවා එක් කරන්න. රස අනුව ලුණු, ගම්මිරිස් එක් කරන්න. එළවලු හොඳින් තෙම්පරාදු වූ පසු දියකරගත් කෝන් ෆ්ලා ටික එක් කරගන්න. චොප්සි එක උකු වූ පසු සීනි එක් කර ලිපෙන් බා ගන්න. වැසීම නොකරන්න.


● චිකන් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

•තම්බා බැදගත් චිකන් හෝ ගැඹුරු තෙලේ බැදගත් චිකන්
•තක්කාලි
•ලොකු ළූණු
•මාලු මිරිස්
•ලික්ස් දඬු කොටස
•ලීක්ස් කොළ හෝ ළූණු කොළ
•චොප් කර ගත් ඉඟුරු සුදුළූණු
•රස අනුව ලුණු, ගම්මිරිස්
•කෑලි මිරිස් මේස හැඳි 1
•මිරිස් කුඩු තේ හැඳි 1/2
•සෝයා සෝස් තේ හැඳි 2
•තක්කාලි සෝස් මේස හැඳි 1
•චිකන් ස්ටොක් හෝ දියකරගත් චිකන් කියුබ් 1
•සීනි තේ හැඳි 2/3
•තෙල් මේස හැඳි 2/3
•චිලි පේස්ට් මේස හැඳි 1
•තල තෙල් තේ හැඳි 1 - අතයාවශ්‍ය නොවේ

තක්කාලි, ළූණු, මාලු මිරිස්, ලීක්ස් දඬු සියල්ල ලොකු කැබලි ලෙස කපා ගන්න.
තක්කාලි සෝස්, සෝයා සෝස්, චිකන් ස්ටොක්, සීනි, මිරිස් කුඩු සියල්ල එකට දිය කර ගන්න.
අඩිය නොඇලෙන පෑන් එකක් ලිප තබා තෙල් එක් කරගන්න.
තෙල් රත් වූ පසු චොප් කර ගත් ඉඟුරු සුදුළූණු එක් කරගන්න. එය රන්වන් පැහැ වන විට ළූණු එක් කරගන්න.
ළූණු තෙම්පරාදු වන විට කපා ගත් මාලු මිරිස් හා ලීක්ස් දඬු කොටස් එක් කරගන්න. තක්කාලිද එක් කර කලවම් කරගන්න.
සාදා ගත් සෝස් මිශ්‍රණය හා චිලි පේස්ට් එක් කරන්න. මිශ්‍රණය හොඳින් කලවම් කර බැදගත් චිකන් කැබලි එකතු කරන්න. රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරගන්න. ඩෙවල් එක හොඳින් උකු වූ පසු ගින්දර නිවා තල තෙල් බිංදු කීපයක් එක් කරගන්න. අවසානයේ සිහින්ව කපා ගත් ලූණු කොළ එකතු කරගන්න.

● චිලි පේස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය

•සෝදා වියලා ගත් කූනිස්සන් 100g (සෝදා කබලේ බැදගැනීමද සිදු කල හැක.
•කෑලි මිරිස් 200g
(කූනිස්සන් 1: කෑලි මිරිස් 2)
•සුදු ළූණු කුඩාවට කපාගත් මේස හැඳි 1
•ඉඟරු කුඩාවට කපාගත් මේස හැඳි 1
•ලොකු ළූණු ගෙඩියක් කුඩාවට කපාගෙන
•තෙල් කෝප්ප 1
සෝස් සඳහා
•සියඹලා බික් 3-4
•සීනි මේස හැඳි 2
•සෝයා සෝස් මේස හැඳි 2
•රස අනුව ලුණු

සෝයා සෝස් වලට සීනි හා සියඹලා එක් කර හොඳින් දියකර ගන්න. එයටම ලුණුද එක් කරන්න.
තෙල් ටික පෑන් එකක දමා රත් කර ගන්න.
එයට සුදු ළූණු, ඉඟුරු, ළූණු එක් කර බැදෙන්න හරින්න. හොඳින් බැදුණු පසු එයට කූනිස්සන් එක් කර මදක් බැදෙන්න හරින්න. එයටම කෑලි මිරිස්ද එක් කර කලවම් කරමින් තෙල් වල බැදෙන්න හරින්න.
සදාගත් සෝස් එක එක් කර හොඳින් කලවම් කර ගන්න. රස අනුව අවශ්‍ය නම් සීනි ලුණු එක් කරගන්න.
තෙත ගතිය නැතිවී තෙල් පෑදුණු පසු ලිපෙන් ඉවත්කර ගන්න.
සියල්ල උණුසුම්ව පිළිගන්වන්න.

© kalSwijesooriya @ KC & Baby K

No comments:

Post a Comment

රුලං දෝසි - Sheera

රුලං දෝසි - Sheera (ඉන්දියානු කැවිලි වර්ගයක්) අවශ්‍ය   ද්‍රව්‍ය රුලං   කෝ . 1 කිරි   කෝ . 2 1/2 බටර් /  ගිතෙල්   කෝ  1/2 සීනි   කෝ . 1 1/2...