අවශ්‍ය ද්‍රව්‍ය
•උකු පොල් කිරි 250ml(පොල් ගෙඩියක ගාගත් පොල් වලට වතුර අඩු කෝ. 1 ක් එක් කර මිටි කිරි සාදා ගන්න. සාදා ගත් පොල් කිරි ශීතකරණයේ මද වේලාවක් තබා වතුර ටික පහලට බසින්නට හැර මතුපිට ඇති උකු කිරි ටික පෙරා ඉවත් කර ගැනීමෙන් වඩාත් උකු කිරි ලබා ගත හැකියි)
•ලොකු බිත්තර 5
•කිතුල් හකුරු 250g -300g
•සාදික්කා, එනසල්, කුරුඳු, කරාඹුනැටි කුඩු තේ.හැ.
•වැනිලා ස්වල්පයක්
හකුරු ටික කුඩා කැබලි වලට කපා හෝ ග්‍රේට් කර ගන්න. හකුරු වල වර්ණය තද පැහැයක් නොගනී නම්, සීනි ටිකක් කැරමල් කර එකතු කිරීමෙන් තද පැහැය සකස් කරගත හැකියි.
පොල්කිරි වලට ගාගත් හකුරු එක් කර හොඳින් දිය කර ගන්න. කැරමල් කර ගත් සීනි ටිකද එයටම එක් කර ගන්න.
බිත්තර වෙනම බඳුනකට එක් කර විස්ක් එකක් ආධාරයෙන් හොඳින් ගසා ගන්න. එයද පොල්කිරි මිශ්‍රණය ට එකතු කර හොඳින් කලවම් වන ලෙස ගසා ගන්න. මිශ්‍රණය පෙරා ගන්න. එයටම සුවඳ කුඩු එක් කර ගන්න.
සකස් කර ගත් මිශ්‍රණය ස්ටීම් කල හැකි භාජනයකට එක් කර පියන රෙදි කැබැල්ලකින් ඔතා තදින් වසා ගන්න.
වටලප්පන් මිශ්‍රණය එක් කල භාජනය ඇතුලින් තැබිය හැකි භාජනයක් ගෙන එයට ජලය එක් කරන්න. වටලප්පන් මිශ්‍රණය එක් කල භාජනයෙන් අඩක් පමණ ජලයෙන් වැසෙන පරිදි තිබිය යුතුය. එහි පියන හුමාලය පිටතට නොඑන ලෙස වසා විනාඩි 30ක් හුමාලයේ තම්බා ගන්න.
රයිස් කුකර් එකේ හෝ Instant pot එකේ ද ඉහත ලෙසම හුමාලයෙන් තම්බා ගත හැකියි.

